Law Entrance Exam

මුලින්ම කියන්න ඕන නීතිඥවරයෙක් කියන්නේ සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන වෘත්තියකයෙක් කියන එක. අඩුම වියදමකින් වැඩිම ආදායමක් ලබන්න පුළුවන් වෘත්තියක් තමයි නීතිඥ වෘත්තිය. නීතිඥවරයෙක් උසාවි යන එක පමණක් නොවෙයි කරන්නෙ. විශේෂයෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ පහත ක්‍ෂේත්‍රවල රැකියා අවස්ථා තියෙනවා.

  • කළමනාකරණ ක්ෂේත්‍රය
  • අධ්‍යාපන ක්ෂේත්‍රය
  • පරිපාලන ක්ෂේත්‍රය
  • රාජතාන්ත්‍රික ක්ෂේත්‍රය
  • විගණන ක්ෂේත්‍රය
  • පර්යේෂණ අංශය සහ
  • දේශපාලන ක්ෂේත්‍රය

ශ්‍රී ලංකාවේ අඩුම වයසින් සහ අඩුම වියදමකින් නීතිඥවරයෙක් වෙන්න තියෙන ක්‍රමය තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වෙන එක. ප්‍රවේශ විභාගය සමත් වුනොත් නීති විද්‍යාලයේ පාඨමාලා කාලය වසර 3 යි. ඊට පස්සේ මාස 6 ක පුහුණුවෙන් පස්සේ නීතිඥවරයෙක් විදියට දිවුරුම් දෙන්න පුළුවන්. නීති විද්‍යාලය සහ නීති පීඨයේ කියන්නේ දෙකක්. නීති පීඨයේ වසර 4ක පාඨමාලා කාලයෙන් පස්සේ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සමත් වෙන්න ඕන. ඊටත් පස්සෙ මාස 6 ක පුහුණු කාලයකට පසුව තමයි නීතිඥවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව නීති ප්‍රවේශ විභාගය සමත්වෙලා සජුවම නීති විද්‍යාලයට යන එක තමයි නීතිඥවරයෙක් වෙන්න තියන පහසුම, අඩුම කාලයක් සහ අඩුම වියදමක් යන ක්‍රමය.

නීති ප්‍රවේශ විභාගයට අහන්නේ භාෂා හැකියාව, සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය පරීක්ෂා කරන ප්‍රශ්න. නමුත් අනෙක් තරග විභාග වලට වගේ නෙමෙයි මේ තරග විභාගය සඳහා ඔබ මුහුණ දෙනවා නම් ක්‍රියාකාරීව වෘත්තියේ නියැලෙන නීතිඥවරුන්ගෙන් ඉගෙනගන්න එක ඔබට විශාල වාසියක් වෙනව කියන එක අපි කියන්නේ අත්දැකීමෙන්මයි. Institute for Genius ආයතනය කියන්නේ ක්‍රියාකාරීව නීතිඥ වෘත්තියේ නිරත වෙලා ඉන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළපුරුදු දේශක මඩුල්ලක් උගන්වන ආයතනයක්.

The legal profession has long been regarded as a noble and elite profession. Becoming a Lawyer is an enormous undertaking but when it comes to financial rewards & opportunities there’s a lot to look forward to. It’s not necessary for every lawyer to practice in courts as there are ample opportunities in private sector as well as in government sector are as follows:

  • Management opportunities
  • Academic career
  • Administrative positions
  • Diplomacy
  • Auditing careers
  • Research
  • Political careers etc.

There are many routes to enter the legal profession. Passing Law Entrance exam and entering Sri Lanka Law College is less time consuming and inexpensive.A student who enters Sri Lanka Law College has to sit 3 examinations at the end of first 3 years at Law College. Then by completing 6 months of apprenticeship period the student will be called to the Bar.(take oaths as an Attorney-at-Law / becoming a Lawyer). Sri Lanka Law College & a Law Faculty in a university are very different from each other. Normally a student who get selected to a Law Faculty has to spend four academic years,then again should pass the final year exam in Sri Lanka Law College and thereafter has to complete a 6 month apprenticeship period. Therefore, if you can pass the Law Entrance and directly enter into Law College it would be easiest, time-consuming and highly profitable way for you in every aspects.

The Law Entrance paper consist of questions from Language, General Intelligence and General Knowledge. It’s not as same as any other competitive exam. In order to pass the exam, learning from Lawyers who are actively in the legal profession would bring you so many advantages. The lecture panel of ‘Institute for Genius’ consist of well educated, experienced professionals who are actively engaged in the legal practice.